සෞරග්‍රහ මණ්ඩලයේ අලුත් සොයා ගැනීම: සෙනසුරු, බ්‍රහස්පති අභිබවා යයි

වැඩි ම චන්ද්‍රයන් සංඛ්‍යාවක් අයත් ග්‍රහ ලෝකය බවට පත්ව සිටි බ්‍රහස්පති ග්‍රහයා අභිබවා යාමට සෙනසුරු ග්‍රහයා සමත් වී ඇතැයි ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් පවසති.

‘වළලු සහිත ග්‍රහයා’ ලෙස විරුදාවලි ලද සෙනසුරු වටා කක්ෂගත වූ තවත් චන්ද්‍රයන් විස්සක් සොයා ගැනීමට ඇමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් සමත් වී ඇති අතර ඒ අනුව සෙනසුරු ග්‍රහයාට අයත් චන්ද්‍රයන් සංඛ්‍යාව 82ක් බවට පත්ව තිබේ. මීට පෙර වැඩි ම චන්ද්‍රයන් සංඛ්‍යාවක් අයත් ග්‍රහයා ලෙස සැලකුණු බ්‍රහස්පති ග්‍රහයා සතු චන්ද්‍රයන් සංඛ්‍යාව 79කි.

මෙම චන්ද්‍රයින් සොයාගෙන ඇත්තේ, හවායි හි පිහිටි මෞන කියාහි සුබාරු දුරේක්ෂය භාවිතයෙනි.

එම අලුතින් සොයා ගැනුණු චන්ද්‍රයින්ගේ විශ්කම්භය කිලෝමීටර් 5ක් පමණ (සැතපුම් 3) වේ. ඉන් 17ක් සෙනසුරු ග්‍රහයා භ්‍රමණය වන දිශාවෙන් පසුපසට ගමන් කරයි.

එය පසුගාමී දිශාව (retrograde direction) ලෙස හදුන්වයි. සෙසු චන්ද්‍රයින් තුන සෙනසුරු ග්‍රහයා භ්‍රමණය වන දිශාවට ගමන් කරයි.

ඉදිරිගාමී චන්ද්‍රයින් තුනෙන් දෙකක් සෙනසුරු ග්‍රහයා වටා භ්‍රමණය වීමට ගත වන කාලය වසර දෙකකි.

වඩා දුරින් පිහිටි පසුගාමී බොහෝ චන්ද්‍රයින්ට සේම ඉදිරිගාමී එක චන්ද්රයෙකුට සෙනසුරු වටා එක් වටයක් භ්‍රමණය වීමට වසර තුනකට අධික කාලයක් ගත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *