ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන: ‘කාබනික දියර පොහොර සඳහා පේටන්ට් බලපත ලබා ගත්’ රත්ගම ලෝරන්ස්

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය විසින් නව නිපැයුම් සඳහා ප්‍රදානය කරනු ලබන පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට රත්ගම බෝපගොඩ බි ලෝරන්ස් ද සිල්වා සමත් වී තිබේ. ඒ, කාබනික දියර පොහොර නිෂ්පාදනයක් වෙනුවෙනි.

ලෝරන්ස්ද සිල්වා නිෂ්පාදනය කරනු ලබන දියර පොහොර මේ වනවිට කාෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති අතර ජාතික පොහොර ලේකම් කාර්යාලයේද ලියා පදිංචිකර ඇත.

විශේෂයෙන්ම තේ, වී, එළවලු, බඩ ඉරිඟු සහ විසිතුරු මල්පැල වගාවන්හි අස්වැන්න, රසායනික පොහොර භාවිතයෙන් තොරව තම දියර පොහොර යෙදීමෙන් වැඩිකර ගත හැකි බව සනාථ කර ඇතැයි ඔහු පවසයි.

තමන්ගේ දියර පොහොර නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනිමට හැකිවීම පිළිබඳව ඉතා සතුටට පත්ව සිටින ලෝරන්ස් තමා ඒ සඳහා ගත් වෙහෙස මහන්සිය හෙළිකළේ මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *